Saturday 8 September 2012

කාබෝහයිඩ්‍රේට් - දෙවන කොටස

ඩයිසැකරයිඩ

  • C,H,O මූලද්‍රව්‍ය වලින් සැදී ඇත.
  • මොනොසැකරයිඩ අණු 2කින් ජල අණුවක් පිට කරමින් ඩයිසැකරයිඩ අණුවක් සැදේ.
  • මෙයට ග්ලයිකොසිඩික් බන්ධන දායක වේ.
  • විශිෂ්ට එන්සයිම මගින් ජල විච්ඡේදනය කිරීමෙන් තැනුම් ඒකක වන මොනොසැකරයිඩ ලැබේ. 
  • එමෙන්ම නැවත ජල අණුවක් ලබා සංඝණනය (ඩයිසැකරයිඩ බවට පත් වීම) විය හැක සුක්‍රෝස් පමණක් නිර් ඔක්සිකාරක සීනි වේ. 
  • ඔක්සිහාරක වන මොල්ටෝස් හා ලැක්ටෝස් බෙනඩික් හා පේලිං පරීක්ෂා වලින් හදුනා ගත හැක.
  • ජල ද්‍රාව්‍යයි.
  • පැණි රසක් ඇත.
  • ස්ඵටීකරණය කල හැක.


පොලිසැකරයිඩ


  • C,H,O මූලද්‍රව්‍ය වලින් සැදී ඇත.
  • මොනොසැකරයිඩ බහුඅවයවීකරණය වීමෙන් සැදුණු බහුඅවයවික වේ.
  • මහා අණු වේ.
  • ජල අද්‍රාව්‍යයි.
  • එම නිසා සෛලවල අස්‍රැතික ගුණ වෙනස් නොකරන බැවින් සංචිත ආහාර ලෙස යෝග්‍යය වේ.
  • ස්ඵටීකරණය කල නොහැක.
  • නිර්ඔක්සිහාරක වේ.

Sunday 2 September 2012

කාබෝහයිඩ්‍රේට් - පලමු කොටස




  • පෘතුවිය මත වඩාත් සුලබතම සංයෝගයයි.
  • C,H,O මූලද්‍රව්‍ය වලින් සැදී ඇත.
  • පොදු සූත්‍රය Cx(H2O)වේ
  • H හා O අතර අනුපාතය 2:1 ක් වේ.
  • මොනොසැකරයිඩ නම් තැනුම් ඒකක වලින් සැදී ඇත
  • ප්‍රධාන වශයෙන් වර්ග 3ක් පවති.

  1. මොනොසැකරයිඩ
  2. ඩයිසැකරයිඩ
  3. පොලිසැකරයිඩ
මොනොසැකරයිඩ
  • කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන තැනුම් ඒකක වේ.
  • C,H,O මූලද්‍රව්‍ය වලින් සැදී ඇත.
  • පොදු සූත්‍රය Cx(H2O)x වේ.
  • සියළුම මොනොසැකරයිඩ C 3 සිට 7 දක්වා ගණනකින් සැදී ඇත.
  • ඇල්ඩෝස කාණ්ඩයක් අඩංගු වූ විට ඇල්ඩිහයිඩයක් ලෙස ද කීටෝන කාණ්ඩයක් අඩංගු වූ විට     කීටෝසයක් ලෙස ද හදුන්වයි.
  • ජල ද්‍රාව්‍යයි.
  • පැණි රසක් ඇත.
  • ස්ඵටීකරණය කල හැක.
  • ඔක්සිහාරකයි.

වර්ගය උදාහරණ
ට්‍රයෝස (3C) ග්ලිස‍රැල්ඩිහයිඩ්
ඩයිහයිඩ්‍රොක්සි ඇසිටෝන්
ටෙට්‍රෝස (4C) එරිත්‍රෝස්
පෙන්ටෝස (5C) රිබියුලෝස්
රයිබෝස්
හෙක්සෝස (6C) ග්ලූකෝස්
ගැලැක්ටෝස්
ෆෘක්ටෝස්
මැනෝස්
හෙපටෝස (7C) හෙප්ටියුලෝස්

ස්වභාවයේ පවතින සුලබතම මොනොසැකරයිඩ වර්ගය වන්නේ හෙක්සෝස වේ.

සමාවයවික 

එකම අණුක සූත්‍රය දරන වෙනස් ව්‍යුහ සූත්‍ර දරන සංයෝග සමාවයවික වේ.
උදා: ග්ලූකෝස්,ගැලැක්ටෝස්,ෆෘක්ටෝස,මැනෝස්

ගැලැක්ටෝස් 
ග්ලූකෝස්



මොනොසැකරයිඩ සදහා පරීක්ෂණ


පේලිං පරීක්ෂණය


  • නිල් පැහැ පේලිං A ද්‍රාවණය හා අවර්ණ පේලිං B ද්‍රාවණයෙන් සමාන පරිමා බැගින් එක් කර ද්‍රාවණය සාදා ගත යුතුය.
  • පරීක්ෂණ නළයකට ග්ලුකෝස් ස්වල්පයක් දමා එය ජලයේ දිය කර සංතෘප්ත ජලීය ද්‍රාවණයක් සදා ගන්න.
  • සමාන පරිමා බැගින් පේලිං හා ග්ලූකෝස් ද්‍රාවණ ගෙන රත් කරන්න.
  • එවිට නිල් ද්‍රාවණයෙන් ක්‍රම ක්‍රමයෙන් ගඩොල් රතු පැහැ අවක්ෂේපයක් ලැබේ.


පේලිං යනු කොපර් සල්ෆේට් ද්‍රාවණයක් වන අතර එහි කියුප්‍රස් අයන පවති. නිල් කියුප්‍රස් ඔක්සිකාරක මොනොසැකරයිඩ මගින් ඔක්සිකරණය වී ගඩොල් රතු කියුප්‍රික් අයන සාදයි.




බෙනඩික් පරීක්ෂාව

පරීක්ෂණ නලයකට ග්ලූකෝස් හා බෙනඩික් ද්‍රාවණ සමාන පරිමා බැගින් එක් රත් කරන්න.
එවිට නිල් පැහැ ද්‍රාවණය ක්‍රමයෙන් ගඩොල් රතු අවක්ෂේපය බවට පත් වේ.




Friday 31 August 2012

ජලය




                        ජීවි දේහයක අඩංගු බහුලතම අකාබනික සංයෝගය ජලය වන අතර මිනිස් දේහයේ 60%ක පමණ ජලය අඩංගු වේ.O පරමාණුවක් H පරමාණු 2ක් සමග කෝණිකව බැදී යමින් ජල අණුව සැදී ඇත.එය ද්වී ධ්‍රැවීය අණුවකි.පහත සුවිශේෂී ගුණ ජලය දරයි.

  • කාමර උෂ්ණත්වයේ ද්‍රවයක් වීම.

ජලයට වඩා අණුක භාරයෙන් වැඩි කාබන්ඩයෝක්සයිඩ්  සහ අණුක භාරයෙන් අඩු ඇමෝනියා කාමර උෂ්ණත්වයේ දී වායූන් ලෙස පැවතියත් එයට අතරමැදි අවස්ථාවේ පවතින ජලය ද්‍රවයක් ලෙස පවති.මේ නිසා ප්‍රාක් ප්ලාස්මයේ ප්‍රධාන සංඝටකය වන්නේ ජලයයි.


  • ධ්‍රැවීයතාවය


ජලය ද්වීධ්‍රැවීය අණුවක් බැවින් ඉතා හොද ද්‍රාවකයකි.විශේෂයෙන් ජලකාමී ද්‍රව්‍යය සදහා මෙය විශේෂය.එබැවින් සර්ව ද්‍රාවකයක් ලෙස හැදින්වේ.


  • රසයානිකව උදාසීන වීම


බොහෝමයක් ජෛව රසයානික ප්‍රතික්‍රියා සිදුවන්නේ ජලීය මාධ්‍යයක් තුල දීය.


  • අධික විශිෂ්ට තාප ධාරිතාව


ජලයේ සුළු උෂ්ණත්ව වෙනස් වීමකට පවා විශාල තාප ප්‍රමාණයක් විචලනය වේ. එබැවින් අවට පරිසරයේ උෂ්ණත්ව වෙනස් වීමකදී ජීවි දේහ වල උෂ්ණත්වය බොහෝ දුරට නියතව පවති.


  • අධික වාෂ්පිකරණයේ ගුප්ත තාපය


ද්‍රව ජලය වාෂ්පිකරණයට හ් බන්ධන බිද හෙලිමට විශාල තාප ප්‍රමාණයක් ලබා දිය යුතුය.එම නිසා ජලය පහසුවෙන් ජලය වාෂ්ප නොවේ.


  • අධික වියලනයේ ගුප්ත තාපය


ජලයේ වාෂ්පිකරණයට ප්‍රතිවර්ත ලෙස වියලනය සදහා ද වැඩි තාප ප්‍රමණයක් පිට කල යුතුය. එබැවින් ජලීය පද්ධති පහසුවෙන් මිදෙන්නේ නැත.


  • හිමාංකයේදි ජලයේ අසමාකාර ලෙස ප්‍රසාරණය


ජලය සිසිල් වන විට අයිස් බවට පත් වූ පසු (හිමාංකයේදී) ඝනත්වය අඩු වී  අයිස් ද්‍රව ජලය මතුපිට පාවේ. එම නිසා ජලාශයක නම් මතුපිට ස්තරය අයිස් වලින් ආවරණය වී ජලජ ජීවින්ට ශීත කාලයේදී නිරුප්‍රදිතව විසීමට හැකි වේ.


  • සංසක්ති හා ආසක්ති බල


ජල අණු ජල අණු අතර ඇති වන ආකර්ෂණ බල සංසක්ති බල ලෙස ද ජල අණු හා වෙනත් අණු සමග හට ගන්නා බල ආසක්ති බල ලෙස ද හදුන්වයි. උත්ස්වේදනය හා සෛලම තුලින් ජලය පරිවහනය මීට නිදසුන් වේ.


  • ඉහල පෘෂ්ඨික ආතතිය


ජල පෘෂ්ටයක ඇති ජල අණු හා ඒ වට ඇති ජල අණු (විශේෂයෙන් වායුගෝලයේ) සමග හ් බන්ධන වලින් බැදි යමින් ඇති වන බලය පෘෂ්ඨික ආතතිය වේ.දියලිස්සන්නා වැනි කෘමීන්ගේ පැවත්මට මෙය උපකාරී වේ.


  • පාරදෘශ්‍ය වීම


මේ හේතුවෙන් ජලජ ශාක වලට සැලකිය යුතු ගැඹුරක වැඩීමට හැකියාව ලැබි ඇත.

ජලයේ කාර්යයන්


  1. ප්‍රාක් ප්ලාස්මයේ ප්‍රධාන සංඝටක ලෙස
  2. සන්ධාරණය                     උදා ද්‍රවස්ථිති සැකිලි
  3. ද්‍රව්‍ය පරිවහනය                 උදා රුධිරය
  4. ව්‍යාප්ති කාරකයක් ලෙස    උදා බීජ,ඵල,ජන්මාණු
  5. බාහිර සංසේචනයේදී චල ජන්මාණු සදහා මාධ්‍යයක් ලෙස
  6. ජල විච්ඡේදනයේදී ප්‍රතික්‍රියකයක් ලෙස
  7. ආස්‍රෑතිය සහ ශූනතාව පවත්වා ගැනීම.
  8. උත්ස්වේදනය හා පරිසංක්‍රමණය
  9. පූටිකා වල චලනය පාලනය
  10. ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍යක් වීම
  11. ජලය අවශෝෂණයෙන් බීජ ප්‍රරෝහණය ආරම්භ වීම
  12. ස්නේහනය                      උදා ලසිකා තරලය
  13. ආරක්ෂාව                        උදා කදුළු
  14. පර්යටනය
  15. සිසිල් වීම


Thursday 30 August 2012

ජීවයේ රසයානික පදනම


                  ජීවි සෛල තුල විවිධ සංයෝග පවතින අතර ඒවා සැදීමට මූලද්‍රව්‍ය 20ක් පමණ දායක වේ.

අවශ්‍යතා මූලද්‍රව්‍ය

ජීවින්ගේ වර්ධන හා විකසන ක්‍රියා සදහාත් ඔවුන්ගේ ජීවන චක්‍ර සම්පූර්ණ කිරීම සදහාත් දායක වන මූලද්‍රව්‍ය අවශ්‍යතා මූලද්‍රව්‍ය වේ.මෙය කොටස් 2කට බෙදිය හැක.

අධි මාත්‍ර මූලද්‍රව්‍ය

ජීවින්ගේ වර්ධන හා විකසන ක්‍රිය හා ඔවුන්ගේ ජීවන චක්‍ර සම්පූර්ණ කිරීම සදහා දායක වන සාපේක්ෂව වැඩි ප්‍රතිශතයකින් (ජීවි දේහයේ වියළි බරින් 0.01%කට වඩා) අවශෝෂණය කරනු ලබන මූලද්‍රව්‍ය වේ.

කාබන                (C) 
හයිඩ්‍රජන්            (H)
ඔක්සිජන්           (O)
නයිට්‍රජන්           (N)
පොස්පරස්         (P)
සල්ෆර්               (S)
පොටෑසියම්       (K)
කල්සියම්          (Ca)
මැග්නීසියම්      (Mg)

අධිමාත්‍ර මූලද්‍රව්‍ය අතුරින් ද බහුලව පවතින්නේ C,H,O,N

අංශු මාත්‍ර මූලද්‍රව්‍ය

ජීවින්ගේ වර්ධන හා විකසන ක්‍රිය හා ඔවුන්ගේ ජීවන චක්‍ර සම්පූර්ණ කිරීම සදහා දායක වන සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින් (ජීවි දේහයේ වියළි බරින් 0.01%කට අඩුවෙන්) අවශෝෂණය කරනු ලබන මූලද්‍රව්‍ය වේ.

සංයෝග


සංඝටක මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් නිශ්චිත අනුපාත වලට අනුකූලව
විවිධාකාර බන්ධන වලින් බැදෙමින් සංයෝජනය වීම සංයෝග ලෙස හදුන්වයි.ජීවි ද්‍රව්‍ය ප්‍රධාන සංයෝග කාණ්ඩ දෙකකට බෙදිය හැක

  1. කාබනික සංයෝග
  2. අකාබනික සංයෝග


ජෛව අණු 

ජීවි දේහ තුල අනිවාර්යයෙන් අඩංගු කාබනික අණු ජෛව අණු වේ.

මහා අණු

බහුඅවයවීකරණය වූ අණුක භාරය 10000-10000000000 පමණ වන අණු මහා අණු වේ.



Wednesday 29 August 2012

විද්‍යාත්මක ක්‍රමය




                යම් සිද්ධියක් හෝ ගැටළුවක් අණ්වේෂණය කිරීම සදහා ලොව පුරා විද්‍යාඥයින් අනුගමනය කරන පිලිගත් ක්‍රමානුකූල ක්‍රියාවලිය, විද්‍යාත්මක ක්‍රමය ලෙස හැදින් වේ.


විද්‍යාත්මක ක්‍රමයේ පියවර


  1. ක්‍රමානුකූල නිරීක්ෂණ පදනම් කරගෙන ගැටළුවක් හදුනා ගැනීම.
  2. ප්‍රශ්න විචාරීම හා එය පදනම් කරගෙන කල්පිත ගොඩ නැගීම.
  3. අවශ්‍ය අවස්ථා වලදී කල්පිත පරීක්ෂා කිරිමට පාලක පරීක්ෂණ යොදා ගැනීම.
  4. තවදුරටත් පරීක්ෂණ කරමින් කල්පිත තහවුරු කිරීම හා පුරෝකථනය කිරීම.
  5. නිරීක්ෂණ / සාක්ෂි ආධාරයෙන් පුරෝකථන තහවුරු කිරීම.
  6. වාද ගොඩනැගීම


පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන පදනම් කර ගනිමින් යම් සත්‍යයක් ඉදිරිපත් කිරීම මූලධර්මයක් ලෙස හදුන්වයි.

පරීක්ෂණ සිදු කල නොහැකි අවස්ථ වලදී ඒකතු කල දත්ත විශ්ලේෂනය කර යම් මනංකල්පිත බුද්ධිමය අනුමාන කිරිමක් කල්පිතයක් හෙවත් වාදයක් ලෙස හදුන්වයි.